Saturday, July 27, 2024

General line - 0115112241

අධිකරණ නියෝග කඩකරමින් මැනින් වෙළඳපොලේ විරෝධතාවක නිරතවූ පිරිසක් අත්අඩංගුවට




අධිකරණ නියෝග කඩකරමින් පෑළියගොඩ මැනිං වෙළඳපොල සංකීර්ණයේ විරෝධතාවක නිරතවූ පුද්ගලයින් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ වෙළඳාම් කටයුතුවලින් ඉවත්ව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වළක්වමින් කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, පෑලියගොඩ පොලීසිය විසින් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කිරීමත් සමඟයි.

බාහිර පුද්ගලයන්ට වෙළඳකුටි ලබාදීමට විරෝධය පළ කරමින් එම විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මැනිං වෙළඳපොලේ පොදු වෙළඳ සංගමය විසින්.

කෙසේවෙතත් අද දිනයේ එලෙස විරෝධතාවයේ නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.