Friday, May 3, 2024

General line - 0115112241

 යුක්රේන ප්‍රහාරයක් හමුවේ රුසියාවේ ගුවන් තොටුපලක් වැසෙයි




රුසියාවේ මොස්කව් අගනුවරට යුක්රේනය යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාර හමුවේ ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවයි. ප්‍රහාර හමුවේ අගනුවර පිහිටි එක් ගුවන් තොටුපළක් වසා දැමීමටයි රුසියානු බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

එලෙස ප්‍රහාර එල්ල කිරීමට පැමිණි එක් ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කළ බවත් තවත් ඩ්‍රෝන යානා 02 ක් කඩා වැටී ඇති බවත් රුසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ප්‍රහාර එල්ල කළ බවට රුසියාව එල්ල කරන චෝදනා යුක්රේනය තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.