Tuesday, September 17, 2024

General line - 0115112241

කල් ඉකුත් වන බව කියන ඉන්දියානු බිත්තර ගැන බලධාරීන්ගෙන් උත්තර




ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර මිලියනය බැගින් දෛනිකව සතොස වෙළඳසැල් ජාලය වෙත බෙදාහරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ අනුව ලංකා සතොස මඟින් පළමු අදියර යටතේ මේවනවිට බස්නාහිර පළාත තුළ බිත්තර අලෙවි කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඉදිරි සති දෙක තුළදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද ලංකා සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති වලිසුන්දර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ප්‍රකාශ කළා. 

ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කෙරෙන්නේ ශිතකරණ පහසුකම් යටතේ වුවත් ශිතකරණ පහසුකම් නොමැති පාරිභෝගිකයෙකුට දින 4ක් ඇතුළත ඒවා පරිභෝජනයට ගැනිමේ හැකියාව පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

දැනට ආනයනය කර ඇති බිත්තර තොග අගෝස්තු 09 වනදා වනවිට කල් ඉකුත් වන බවට ඇතැම් පාර්ශවයන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති වලිසුන්දරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ඉකුත් ජූනි මාසයේ නිශ්පාදනය කර මෙරටට ආනයනය කළ බිත්තර ලබන සැප්තැම්බර් මාසය දක්වා පරිභෝජනය කිරීමේ හැකියාව පවතින බවයි.