Saturday, July 27, 2024

General line - 0115112241

තුවාල වූ චන්ඩිට ප්‍රතිකාර කරන්න වනජීවී නිළධාරීන් මැදිහත් වෙයි

රොෂාන් තුෂාර තෙන්නකෝන්




පොලොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානය තුල තුවාල ලබා  සිටින ”චන්ඩි ” නමින් හඳුන්වන අලියාට ප්‍රතිකාර කිරීමට පොලොන්නරුව අඩවි ආරක්ෂක වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් හා ගිරිතලේ වනජීවී නිළධාරීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කළා.

ඒ අනුව ජල  ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයට අයත් ගල්ලෑල්ල කොටලීය ප්‍රදේශයේ වගුරු බිමක සිටියදී එම වන අලියා වනජීවී නිළධාරීන් විසින් අද දහවල් සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දඩයක්කරුවෙකු විසින් තබන ලද වෙඩි පහරක් හේතුවෙන් මෙම වන අලියාගේ ඉදිරිපස වම් පාදයේ නියපොතු සහිත පහල ප්‍රදේශයට බරපතල හානි සිදුව තිබෙනවා.

පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ප්‍රතිජීවක  ඖෂධ එන්නත් කර නැවත එම වන අලියා මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානය වෙත පලවා හැරීමට වනජීවී නිළධාරීන් කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.