Tuesday, May 7, 2024

General line - 0115112241

පකිස්තානය භාරකාර අගමැතිවරයෙක් නම් කරයි




පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් සහ විපක්ෂ නායක රාජා රියාස් භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනුව ඔවුන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමට තීරණය කර ඇත්තේ එරට සෙනට් සභික අන්වාර්-උල්-හක් කකාර්.

සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා පකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හට දැනුම් දී ඇතැයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

ජනාධිපතිවරයා විසින් අන්වාර්-උල්-හක් කකාර්ගේ පත් වීම අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අන්වාර්-උල්-හක් කකාර් බලෝකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනට් සභිකයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්ව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ යෝජනාව පරිදි පකිස්තානයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වන හකාක්, කැබිනට් මණ්ඩලයක් නම් කර ඉදිරි මහ මැතිවරණය පවත්වන තෙක් රජය ගෙන යනු ඇති. ඔහු රට භාර ගන්නේ දරුණු මූල්‍ය හා ආර්ථික අර්බුධයක් මධ්‍යයේ බවයි ජාත්‍යන්තර විචාරකයන් පැවසුවේ.