Sunday, September 8, 2024

General line - 0115112241

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු අද උදෑසන දිවයිනට




වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු අද උදෑසන දිවයිනට එවා තිබෙනවා.

ඒ, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන්. එම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනෙකු සහ එක් ගෘහ සේවකයෙකු සිටින බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වනවා. අදාළ පිරිස තම ගිවිසුම්ගත රැකියා ස්ථානවලින් පළා ගොස් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථානවල වැඩි වැටුපකට රැකියාවල නිරතව සිට ඇති බවයි අනාවරණවී ඇත්තේ.