Saturday, July 27, 2024

General line - 0115112241

හෝමාගම ගින්නෙන් කර්මාන්තශාලා 04 කට හානි




හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලා 04 කට හානි සිදුව තිබෙනවා.

 ගින්න හටගත් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කර්මාන්තශාලාවට අයත් තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් ද ගින්නට හසුවීමෙන් විනාශවී ඇති බව ද වාර්තා වනවා.


හෝමාගම කර්මාන්ත පුරයේ මෙම ගින්න හටගත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකයි. රාත්‍රි 8 යි 30 ට පමණ හටගත් ගින්න මැඩපැවැත්වීම සදහා ඊයේ රාත්‍රි 11 යි 30 ට පමණ වුණා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන්ට අමතරව යුද, ගුවන්, නාවික සහ පොලිස් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර ජල බවුසර් 6 ක්, අතිරේක බවුසර් 3 ක් සහ ගිනි නිවිම් රථ 5 කට වැඩි ප්‍රමාණයක් යෙදවීමටයි පියවර ගැණුනේග කර්මාන්ත ශාලාවේ ගින්නට හසු වු කොටස් වායු ගෝලයට එක්වි හෝමාගම අවට ප්‍රදේශ වලට පතිත වී ඇති අයුරු දැකගත හැකි වූ අතර ගිනිගත් ප්‍රදේශයට ඇතුලුවීමට කිසිවෙකුටත් අවසර ලබාදුන්නේ නැහැග 

ගින්න හේතුවෙන් බරපතල මට්ටමේ අවදානමක් නොමැති වුවද හෝමාගම අවට ප්‍රෙද්ශවාසීන්ගෙන් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දෙන්නේ මුව ආවරණ අනිවාර්්‍යෙයන්ම පැළද සිටින ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි ජනතාවගෙන් ඉල්ලා සිටියේග ගින්න හේතුවෙන් මතුවිය හැකි ස්වසන ආබාධ අවම කර ගැනීම මෙහි අරමුණවූ බවයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වින්ග් කමාන්ඩර් ඩීගජයවීර කියා සිටියේග කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී  නැහැග