Saturday, July 27, 2024

General line - 0115112241

දුම්රිය විදුලි කාර්මිකයින්ගේ වැඩ වර්ජනය අවසන්




දුම්රිය විදුලි කාර්මිකයින් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. 

කෙසේවෙත්ත රාත්‍රී දුම්රිය ධාවනය වී ඇත්තේ ද ප්‍රමාදයක් සහිතව බවයි වාර්තා වන්නේ. 

දුම්රිය විදුලි කාර්මිකයින් මෙම වැඩ වර්ජනය ඊයේ පස්වරුවේ ආරම්භ කළා. 

ඒ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ද හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ, වර්ජනය හේතුවෙන් රාත්‍රී දුම්රිය කිහිපයක ධාවනය ප්‍රමාද වීම හේතුවෙන්.