Tuesday, April 30, 2024

General line - 0115112241

ස්වාධීන වුනත් සාම්ප්‍රදායික මන්ත්‍රීවරයෙකු නොවන බව අනුර යාපා කියයි




පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළද සාම්ප්‍රදායික අයුරින් රජය ගෙනෙන සෑම යෝජනාවකටම එරෙහි වීමට තමන් සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. 

එබැවින් රජය ගෙනෙන සාධනීය යෝජනා සඳහා තමන් සහය පළ කරන බවත්, රජටේ වැරදි ප්‍රතිපත්ති සඳහා සිය විරෝධය පළ කරන බවත් ඔහු සඳහන් කළා. 

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා.

 

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහභාගි වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.