Saturday, July 27, 2024

General line - 0115112241

චෙක් ජනරජයෙන් ලංකාවට වඳුරන් සහ පක්ෂී පරිත්‍යාගයක්

ටී.කේ.ජී.කපිල




චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ”එමු” පක්ෂීන් තිදෙනකු සහ ”රින් ටේල් ලීමර්” වර්ගයේ වඳුරන් සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. 

ඒ, සත්ව හුවමාරු වැඩසටහනක් යටතේයි. 

මාස 04 ක් පමණ වයසැති මෙම ”එමු” පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියෑඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයක් වනවා. 

”රින් ටේල් ලීමර්” වඳුරන් මැඩගස්කරය නිජබිම කර ගත් ප්‍රදේශවලට ආවේනික, වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති, සර්ව භක්ෂක සතුන් විශේෂයක්. 

අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වඳුරන් දෙදෙනෙකු සහ අවුරුදු 11 ක් වයසැති ගැහැනු ලීමර් වඳුරන් දෙදෙනෙකු ඒ අතරට අයත් වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. 

මෙම සතුන් පින්නවල, වාගොල්ල සත්වෝද්‍යානයේ ඔක්තෝම්බර් 06 වනදා තෙක් මාසයක කාලයක් නීරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව, එම සත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.