Saturday, July 27, 2024

General line - 0115112241

ගණේමුල්ලේ සංජීවට අයත් ගිනි අවියක් සොයා ගැනේ




පොලිස් රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් “ගණේමුල්ලේ සංජීව” නමැත්තාට අයත් ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ අංගොඩ ප්‍රදේශයේ ස්ථානයක තිබී එම ගිනි අවිය සොයා ගැනුණු බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් “ගණේමුල්ලේ සංජීව” නමැත්තාගෙන් සිදුකෙරන ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුව එම ගිනි අවිය සොයා ගැනුනු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළා.