Saturday, September 30, 2023

General line - 0115112241

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේදි සැකකරුවන්ට ලබාදෙන ආරක්ෂාව පිලිබද පොලිසියෙන් පැහැදිලි කිරීමක්.




සැකකරුවන් සම්බන්ධයෙන් සිය අභිමතය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාවක් නොමැති බව පොලීසිය පවසනවා.

සැකකරුවෙක් සම්බන්ධයෙන් බලතල භාවිත කිරීමට පොලිස් නිලධාරියාට ඇති හැකියාව, සිද්ධියට අනුකූලව සාපේක්ෂ බව හා එය නීතියට අනුකූල විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ

. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරු පළායාම වළක්වා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.


පොලිස් අත්අඩංගුවේ සිටියදී පළායාමට තැත්කරන සැකකරුවන් වෙනුවෙන් නීතිය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අදහස් පළ කළා.