Tuesday, September 17, 2024

General line - 0115112241

ප්ලාස්ටික් බිත්තර රටට ආවාද ?




කෘතිම බිත්තර යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් ඊට අදාල වගකිව යුතු ආයතන අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ එවැනි කෘතිම බිත්තර දේශීයව නිෂ්පාදනය නොකරන බවයි.

කෙසේවෙතත් ආනයනික බිත්තර සම්බන්ධයෙන් ගැටළු පවතින බව ද ඔහු කියා සිටියා.


අත්‍යවශ්‍ය ආහාරවල ප්‍රමිතිය පිළිබඳ අදාළ ආයතන දැනුවත් විය යුතු බවද ඔහු කියා සිටියා.