Wednesday, November 13, 2024

General line - 0115112241

ජනපති ජර්මනිය බලා යයි

ටී.කේ.ජී.කපිල




සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජර්මනිය බලා අද පිටත්ව ගියා.

“බර්ලින් ගෝලීය සැසි වාරයට” සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එම සංචාරයට එක්ව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකාවේද පසුගියදා නිළ සංචාරයක නිරත වුණා.

ඒ, කියුබාවේ හවානා නුවර පැවති ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහ අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහායි.