Wednesday, May 8, 2024

General line - 0115112241

තුවාලකරුවන් සහ මළසිරුරු ප්‍රමාණය ඉහළ යාමෙන් ගාසා රෝහල් දැඩි අර්බුධයක




ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසාහි රෝහල් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුපා තිබෙනවා.

ඉන්ධන සැපයුම බිඳවැටීම හමුවේ ගාසා තීරයේ රෝහල්වල මෙහෙයුම් කටයුතු පවතින්නේ කඩාවැටිම අභියසයි.

එවන් පසුබිමක් තුළ ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ රෝහල් වෙත රැගෙන එන තුවාලකරුවන්ගේ සහ මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සංඛ්‍යාව ද එම රෝහල්වල පවතින තත්ත්වයට ඔරොත්තු නොදෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝහල් තුළ පිරී සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරණ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගාසා රෝහල්වල මළ සිරුරු ආවරණය කිරීමට යොදා ගන්නා රෙදි වර්ග සහ ද්‍රව්‍ය අවසන් වීමෙන් එම රෝහල් දැඩි අර්බුධයකට මුහුණ දී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.