Tuesday, May 7, 2024

General line - 0115112241

ගාසා තීරය නිසා අමෙරිකාව ඉරානය සමඟ පැටලෙයි




ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම් පදනම් කර ගනිමින් අමෙරිකාව සහ ඉරානය අතරද මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ අමෙරිකාව ඊශ්‍රායලයට සහය පළ කිරීම සහ ඉරානය හමාස් සංවිධානයට සහ පලස්තීනයට සහය පළ කිරීමයි.

ඒ අනුව, වර්ධනය වෙමින් ඇති යුධමය තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් පවතින බව ධවල මන්දිරය පවසා තිබෙනවා.

අදාළ ප්‍රහාර සංවිධානය කිරීම පිටුපස ඉරානය සිටින බවටයි අමෙරිකාව චෝදනා කළේ.