Saturday, July 27, 2024

General line - 0115112241

අවශ්‍ය මොහොතේ එංගලන්තයට ජයක් - ශ්‍රී ලංකාව තවත් අවදානමේ.




2025 වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසළාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා. ඒ, නවසීලන්ත කණ්ඩායම සමඟයි. අද සිට ඉදිරි දින කිහිපයේ පැවැත්වෙන්නේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින සියළුම කණ්ඩායම් තරඟවදින අවසන් තරඟයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ද අවසන් තරඟය අද පැවැත්වෙන අතර සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට නම් නවසීලන්තයට ද අද තරඟය ජය ගැනීම අත්‍යවශ්‍යයි. 


මෙම තීරණාත්මක තරඟය සඳහා ශ්‍රී ලංකා කන්ඩායමේ සූදානම කෙසේ ද ? මේ, ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස්.


ලෝක කුසලානයේදී සිදුවූ වැරදි අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරි වසර 04 සඳහා නව සැලසුම් සකස් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට චැම්පියන්ස් කුසළානයට සුදුසුකම් ලැබීම අවදානමකට පත්වුණේ නෙදර්ලන්තය පරාජය කරමින් එංගලන්තය දැවැන්ත ජයක් ලැබීමත් සමඟයි.


තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඬුලු 09 කට ලකුණු 339 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 179 ක් පමණයි. ඒ අනුව එංගලන්තය තරඟය ජයගත්තේ ලකුණු 160 කින්.

මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ ගිය අතර ඔවුන් දැන් පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේයි.