Saturday, July 27, 2024

General line - 0115112241

ලෝක කුසලානය නැතිවූ ශ්‍රී ලංකා පිළේ චැම්පියන්ස් සිහිනයත් බොඳවන ලකුණු




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසළාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ද දැඩි අවදානමකට පත්ව තිබෙනවා.

ඒ ඔවුන් අඩු දළ ලකුණු වේගයක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයට පත්වීමත් සමඟයි. ජාත්‍යන්තර ක5ිකට් කවුන්සිලයේ නිර්නායකවලට අනුව චැම්පියන්ස් කුසළානයට තෝරාගන්නේ මේ වන විට පැවැත්වෙන ලෝක කුසලානයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 08 පමණයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට ද තවමත් චැම්පියන්ස් කුසළානයට සුදුසුකම් ලබාගැනීමට සියුම් අවස්ථාවක් පවතිනව.  ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සහ බංග්ලාදේශ තරඟවල ප්‍රතිඵලය දෙස බලා සිටීමටයි ශ්‍රී ලංකාවට සිදුවන්නේ.

එහිදී ඔස්ටේ්‍රලියාව හමුවේ බංග්ලාදේශය ද, පාකිස්තානය හමුවේ එංගලන්තය ද වැඩි ලකුණු පරතරයකින් යුක්තව පරාජය විය යුතුයි. එමෙන්ම නෙදර්ලන්තය ද ඉන්දියාව හමුවේ පරාජය වීම අනිවාර්යයි.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් නවසීලන්තය ලැබූ ජයග්‍රහණයත් සමඟ පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ලෝක කුසලාන බලාපොරොත්තු ද දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්තානය විසින් දකුණු අප්‍රිකාවත්, පාකිස්තානය විසින් එංගලන්තයත් වැඩි ලකුණු පරතරයක් සහිතව පරාජය කිරීම දැන් අනිවාර්යයි.