Saturday, July 27, 2024

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගේ විනය රකින්න නව කෙටුම්පතක් ගෙන ඒමට රජය සැරසෙයි




පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනත් කෙටුම්පතක් ගෙන ඒම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් එම තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන ලෙස හෝ නීතිවිරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම් ස්වාධීනව පත්කරන ලද කමිටුවක් මගින් එම මන්ත්‍රිවරයාට දඬුවම් නියම කිරීම හෝ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට හැකිවන ආකාරයට එම පනත් කෙටුම්පත සඳහා ප්‍රතිපාදන ඇතුළත් කර ඇතැයි ඔහු සඳහන් කළා. 


ඉකුත් දා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් වන ගුණදොස් පක්ෂ භේදයකින් තොරව ඉදිරිපත් කළ යුතු බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ.