Wednesday, October 23, 2024

General line - 0115112241

ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා ශම්මි යැවූ බව කියන ලිපි ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේ සභාගත කරයි




ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා බලපෑම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ඉන්දියාවට ගොස් ඇති බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

 


මතුව ඇති ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.