Saturday, July 27, 2024

General line - 0115112241

බදු අංකයකයට බය වෙන්න එපා - වැඩබලන දේශිය ආදායම් කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්




ජංගම ගිණුමක් විවෘත කිරීමේදී , නව ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් අනුමත කර ගැනීමේදී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී හා ඉඩමක් මිලදී ගෙන එය ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කිරීමේදී බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය ඉදිරිපත් කිරීම නීතියෙන් අනිවාර්යවන බව වැඩබලන දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් උපුල් ජයවර්ධන පවසනවා.

අදාළ කාර්යයන්වලදී බදු අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් මෙවර අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසිමකදී ඔහු මේබව කියා සිටියා.


අදාළ යෝජනාව ක්‍රියාත්මක වන දිනය මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී තීරණය කරන බවයි වැඩබලන දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් උපුල් ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.


කිසියම් පුද්ගලයෙකු බදු අංකයක් ලබා ගත පමණින් අදාළ පුද්ගලයා ආදායම් බදුවලට යටත් නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.