Saturday, July 27, 2024

General line - 0115112241

සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවයක්




රුපියල් 20,000 වැටුපක් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන ලෙස රජයට බල කරමින් දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවයක් සිදු කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති පවසනවා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේ රාජ්‍ය සේවකයන්ට වැඩි කරන රුපියල් 10,000 දීමනාව ජනවාරි මස සිට වැටුපට ලබා දිය යුතු බවයි. 


දෙසැම්බර් 13 වනදාට පෙර රජය විසින් පිළිගත හැකි විසදුමක් ලබා නොදුන්නහොත් ඉදිරියේදි දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි වැඩිදුරටත් පැවසුවේ.