Saturday, July 27, 2024

General line - 0115112241

අවුකන බුදු පිළිමයට වස්ත්‍රයක් පෙරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇමති වාර්තාවක් ඉල්ලයි




අවුකන බුදු පිළිමයට වස්ත්‍රයක් පෙරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය හරහා ඡායාරූප කිහිපයක් හුවමාරු වුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.

පුරාවිද්‍යා වටිනාකමින් යුත් අවුකන බුදු පිළිමයට සිදු කළ මෙවැනි සිදුවීම් මඟින් වැරදි ආකල්පයක් සමාජ ගත බව බවයි ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය කාල වකවානුව තුළ මෙවැනි පුරා විද්‍යා වටිනාකමින් යුත් ස්ථානවලට පුද්ගලයින් විසින් හානි සිදු කළ සිදුවීම් කිහිපයක් වාර්තා වුණා.

මේ හේතුවෙන් එවැනි සිදුවිම් වළක්වා ගැනීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා පනත සංශෝධනය කරමින් ඊට අදාළ නිති රීතිවල සංශෝධනයක් සිදු කරමින් එවැනි පුද්ගලයන්ට අය කරන දඩ මුදල් ප්‍රමාණයද වැඩි කරනු ලැබුවා.