Saturday, July 27, 2024

General line - 0115112241

කොවිඩ් වලින් බැට කෑ චීනයට තවත් අභියෝගයක්




කොවිඩ් නීති ලිහිල් කිරීමෙන් අනතුරුව පැමිණෙන පළමු සීත ඍතුවේදී චීනය තවත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට පැමිණෙමින් තිබෙනවා.

ඒ, ළමුන් රෝහල්ගත වීම ඉහළ යාම හා එම ළමුන්ගෙන් බොහෝ පිරිසක් ශ්වසන රෝග හමුවේ පොර බදිමින් සිටින දරුවන් වීමයි.

උතුරු චීනයේ ප්‍රධාන නගරවල පිහිටි ඇතැම් ළමා රෝහල්වල රෝගීන් සියගණනක් පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

රෝගීන් ගණන ඉහල වීම හේතුවෙන් ඇතැම් රෝගීන් වෛද්‍යවරයා හමුවීම සඳහා සිය වාරය පැමිණෙන තුරු බොහෝ වේලා පෝළිම්වල රැඳී  සිටින බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

බීජිං ළමා රෝහලේ නිලධාරියෙක් ඉකුත් අඟහරුවාදා පැවසුවේ මේවනවිට එම රෝහලේ සාමාන්‍ය දෛනික රෝගීන් සංඛ්‍යාව 7,000 කට වඩා වැඩි බවයි.

එය රෝහලේ ධාරිතාවට වඩා ද බෙහෙවින් වැඩි බවයි ඔහු පවසා ඇත්තේ.

චීනයේ Tianjin හි විශාලතම ළමා රෝහලට ද ඉකුත් සෙනසුරාදා ළමුන් 13,000 කට වැඩි පිරිසක් බාහිර රෝගී සහ හදිසි ප්‍රතිකාර අංශ වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.