Saturday, July 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ පතලක සිර වි සිටි කම්කරුවන් පිරිස මුදා ගනී




ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රදේශයේ උමගක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ සහන සේවකයින් විසින් සාර්ථකව එම කම්කරුවන් පිරිස මුදාගෙන ඇති බවයි.

කම්කරුවන් කිසිවෙකුට තුවාලයක් හෝ සිදුව නොමැති බවත්, ඔවුන් නිරුපද්‍රිතව සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහෙත් එම කම්කරුවන් සියලු දෙනා වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් සඳහා ළගම පිහිටි රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරුවන් පිරිස සිටි ස්ථානය ආසන්නයෙන් කුහරයක් නිර්මාණය කර ඒ තුළින් අඩි 03 ක පමණ  විශ්කම්භයක් නිර්මාණය කර ඔවුන් එකිනෙකා මුදාගැනීමට සහන සේවකයින් කටයුතු කර තිබුණා.

නායයාමක් හේතුවෙන් අදාළ උමගෙහි කොටසක් කඩාවැටීම හමුවේ කම්කරුවන් 41 දෙනා ඒ තුළ සිරවුණේ ඉකුත් 12 වනදායි.