Saturday, July 27, 2024

General line - 0115112241

අවුකන බුද්ධ ප්‍රතිමාවට පැළඳු සිවුර පොලිස් භාරයට

කුෂාන් ජයවර්ධන




පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත්දා අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට පැළඳ වූ බව කියන සිවුර ගල්නෑව පොලිසිය විසින් මේ වනවිට සියභාරයට ගෙන තිබෙනවා.

ලෝ පතල ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළදවිමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශණ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම සිවුර හා පාවහන් යුගලය මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම බුද්ධ ප්‍රතිමාවට සිවුර පැළඳ වීම සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානය මඟින් විමර්ශණයක් ආරම්භ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට අනියුක්ත අවුකන ප්‍රදේශය භාර පුරාවිද්‍යා නිලධාරීන් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.  

ඒ අනුව එම සිද්ධියට මුල්වු බංගලාවත්ත, ප්‍රදේශයේ පදිංචි පාරම්පරික නිල වෛද්‍යවරයා ඇතුලු පිරිසකගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද නියමිතව තිබෙනවා.