Wednesday, May 8, 2024

General line - 0115112241

හමාස් නිදහස් කළ ඊශ්‍රායල් ජාතිකයින් සිය රටට - ක්‍රීඩකයින් ඇතුළු ළමුන් 05 ක් ඒ අතර




ඊශ්‍රායල් - හමාස් තාවකාලික සටන් විරාමය වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඒ, පළමු වරට හමාස් සටන්කාමීන් විසින් සිය භාරයේ රඳවාගෙන සිටි ප්‍රණ ඇපකරුවන් මුදා හැරීමත් සමඟයි. මෙලෙස මුදාහැරි පිරිසට ඊශ්‍රායල් ජාතිකයින් 10 දෙනෙක් අයත්. ඒ අතර වයස අවුරුදු 13 ක පාසැල් ළමයෙකු මෙන්ම අවුරුදු 18 ට අඩු පස්දෙනෙකු සිටිනවා.

ඒ අතරට වොලිබෝල් සහ පාපන්දු ක්‍රීඩකයින් ද අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පැහැරගත් ගුරුවරික් ද මෙහිදී මුදාහර තිබෙනවා. නිදහස ලැබූ පිරිස අතර ඊශ්‍රායලයේ ප්‍රකඨ ආභරණ නිර්මාණ ශිල්පිනියන් දෙදෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් සියලුදෙනා මේ වන විට සිය රටට පැමිණ සිටින බව ඊශ්‍රායලය තහවුරු කර තිබෙනවා. මීට අමතරව තායිලන්ත ජාතිකයින් සිව්දෙනෙකු ද හමාස් සංවිධානය මෙ යටතේ නිදහස් කර ඇතැයි සඳහන්.


මෙම පිරිස මුදාහැරීම වෙනුවෙන් ඊශ්‍රායලය ද පලස්තීන ජාතිකයින් 30 කට වැඩි පිරිසක් නිදහස් කර තිබෙනවා. කෙසේවෙතත් ඔවුන් කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ. දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවදානය යොමුව තිබෙනවා. සීමිත දින කිහිපයකට ආරම්භ වූ දෙපාර්ශවය අතර සටන් විරාමයට මේ වන විට දින 06 ක්.