Saturday, July 27, 2024

General line - 0115112241

චන්ද්‍රිකා යළි නිදහස් පක්ෂයේ ලොකු පුටුවක් ඉල්ලයි




හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් සඳහා පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව එම පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. 


තමා ඕනෑම වේලාවක යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ සූදානමින් සිටින බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවයා එහිදී සඳහන් කළේ.


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.