Wednesday, May 8, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් අරඹයි




ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව මේ දිනවල ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

එය නම් කර ඇත්තේ AustraHind-23 ලෙසයි.

ඊට සහභාගී වීම සඳහා 81 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් හිදී පැවැත්වෙන එම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ලබන 06 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු හමුදාව නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් 60 දෙනෙකු මේ සඳහා සහභාගි වනවා.

ඒ අතරට ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සාමාජිකයින් ද අයත්.