වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ගේ නම අනුමත කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද තිරණය කර තිබෙනවා.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන්ගේ නම වැඩබලන පොලිස්පතිවරයා ලෙස නම් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දි තිබුණා.
ඒ අනුව, ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් තිදෙනා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ සාගර කාරියවසම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දෙදෙනෙකු දේශබන්දු තෙන්නකෝන්ට එහිදී පක්ෂව ඡන්දය ලබා දි තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කබීර් හෂීම් මන්ත්‍රීවරයා මෙන්ම තවත් සිවිල් නියෝජිතයෙකු එම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දි ඇති බවයි වාර්තා වන්නේ.