Thursday, May 9, 2024

General line - 0115112241

පිලිපීනයත් TikTok ගැන යළි සිතයි




TikTok සඳහා තහනමක් පැනවීමට පිලිපීනය සූදානම් වන බවට වාර්තා පල වනවා.

එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ ආරක්ෂක අංශය සඳහා TikTok ජංගම දුරකථන යෙදුම භාවිතා කිරීම තහනම් කරන්නේද යන්න රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවයි.

චීනය විසින් ඔත්තු බැලීමේ අවධානම පිලිබඳ පවතින සැකය මත පිලිපීනය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් ලොව රටවල් කිහිපයක්ම TikTok සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් ද පිලිපීන බලධාරින්ගේ අවධානය යොමු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ඔවුන් එකවර TikTok භාවිතය සම්පූර්ණයෙන් තහනම් නොකරනු ඇති බවයි පැවසෙන්නේ.