ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඒ අනුව, ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පැය 24ක් තුළදී පලස්තින වැසියන් 300ක පමණ පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ හමාස් සංවිධානයේ අවසානය ආරම්භ වී ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ ගාසා තිරයේ මානුශීිය අර්බුදය තවදුරටත් දරුණු වෙමින් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ඉකුත් ඔක්තොම්බර් මස 07වනදායින් පසුව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේවනවිට පලස්තින වැසියන් 18,000ක පමණ පිරිසක් මිය ගොස් ඇතැයි හමාස් සංවිධානය ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ සිය ප්‍රහාරවලින් හමාස් සටන්කරුවන් 7,000ක් පමණ මිය ගොස් ඇති බවයි.
කෙසේවෙතත් හමාස් සංවිධානය විනාශ කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ඊශ්‍රායලට කිසිදා නොහැකි බව පලස්තීනය ප්‍රකාශ කළා.