Thursday, May 9, 2024

General line - 0115112241

චීනයෙන් කරදරයි - පිලිපීනය කියයි




පිලිපීනයේ  චීන තානාපති Huang Xilian හදිසියේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ දකුණු චීන මුහුදේ යාත්‍රා කරන පිලිපීන නෞකාවලට චීනයෙන් බාධා එල්ල වන බවට පිලිපීනය දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටින පසුබිමක් තුළයි.

මේ හේතුවෙන් චීනය සහ පිලිපීනය අතර දකුණු චීන මුහුද පදනම් කර ගනිමින් පවතින අර්බුධය තවදුරටත් දිග්ගැස්සී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් පිලිපීනය එරට චීන තානාපතිවරයාව නෙරපා හරිනු ඇති බවට ද ජාත්‍යන්තරය තුළ කතාබහක් මතුව තිබෙනවා.

පිලිපීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා තෙරේසිටා ඩසා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ දකුණු චීන මුහුදේදී පිලිපීන යාත්‍රාවලට පහරදීම සම්බන්ධයෙන් නව රාජ්‍යතාන්ත්‍රික විරෝධතා ගොනු කර ඇති බවයි.

ඉකුත් සෙනසුරාදා දකුණු චීන මුහුදේදී පිලිපීන යාත්‍රාවක් චීන නෞකාවක ගැටී තිබුණා.

එහිදී පිලිපීන යාත්‍රාවට සැලකිය යුතු හානියක් සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

චීනයේ අත්තනෝමති ක්‍රියා ආරක්ෂාවට තර්ජනයක් බව ද පිලිපීනය පවසනවා.