Thursday, May 9, 2024

General line - 0115112241

දියණිය පාසැල් යැවූ පියාගේ වගාවට ගිනි තබයි




සිය දියණියට පාසල් අධ්‍යාපනය ලබාදීම හේතුවෙන් ගම්වැසියන් පිරිසක් ගොවියෙකුගේ තිරිඟු වගාවක් ගිනිබත් කල පුවතක් වාර්තා වනවා.

ඒ, පකිස්ථානයේ සින්ද් පළාතේ ලර්කානා දිස්ත්‍රික්කයේ රටෝඩෙරෝ නගරයෙන්.

අදාළ දැරිය පාසල් ගොස් ඇත්තෙර් යතුරු පැදියකින් වන අතර ඒ ඇයගේ බාල සොහොයුරන් ද සමගයි.

ඒ සම්බන්ධයෙන් ගම්වැසියන් අදාළ ගොවියා සමග කෝපයෙන් සිටතිබෙනවා.

අනතුරුව ඔවුන් ගොවියාට අනතුරු අගවා ඇත්තේ දියණියට යතුරු පැදිය පැදවීමට අවස්ථාව ලබා නොදෙන බව පවසමින්.

එහෙත් ගම්වැසියන්ගෙන් එල්ල වූ තර්ජන ඔහු නොසකලා හැර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කෝපයට පත් ගම්වැසියන් ගොවියාගේ තිරිඟු වගාවට ගිනි තබා ඇතැයි සඳහන්.