Thursday, May 9, 2024

General line - 0115112241

ඕමාන සුල්තාන්වරයා ඉන්දියාවට




ඕමානයේ සුල්තාන්වරයා වන හයිතම් බින් තාරික් තෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඔහු මෙලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව එය බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මුගේ ආරාධනයකට අනුව ඕමාන සුල්තාන්වරයා මෙලෙස ඉන්දියාවට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

නවදිල්ලි ගුවන් තොටුපළට පැමිණි ඕමාන සුල්තාන්වරයාව පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් විසින්.

සුල්තාන්වරයා සමග ඕමානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද ඉන්දියාවට පැමිණීම විශේෂත්වයක්.

දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි.

සිය ඉන්දියානු සංචාරයේදී ඕමාන සුල්තාන්වරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ජනාධිපති ද්‍රෞපදි මුර්මු හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.