Thursday, May 9, 2024

General line - 0115112241

යුරෝපයෙන් ටිබෙටය ගැන තීරණයක්.




මිලියනයකට අධික ටිබෙට් දරුවන් ඔවුන්ගේ පවුල්වලින්, භාෂාවෙන් සහ සංස්කෘතියෙන් හුදකලා කර ඇති බලහත්කාර නේවාසික පාසල් ක්‍රමය වහා අහෝසි කරන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව චීනයෙන් ඉල්ලා තිබෙනවා.

සිය පූර්ණ සැසිවාරයකදී යුරෝපා පාර්ලිමේන්තුව ඊට අදාළ යෝජනාවක් ද සම්මත කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යෝජනාවට පක්ෂව ඡන්ද 477ක් ලැබී ඇති අතර විපක්ෂව හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 14ක්.

ටිබෙට් දරුවන් පීඩාවට පත් කරන "බෝඩිං පාසැල්" ක්‍රියාවලිය දැඩිව හෙළා දකින බවයි යුරෝපා පාර්ලිමේන්තුව පවසා ඇත්තේ.

අමෙරිකාව මේවනවිටත් ටිබෙටයේ බෝඩිං පාසල් පද්ධතියට බැඳී සිටින චීන නිලධාරීන් සඳහා වීසා සීමාවන් අනුගමනය කරයි.

එවැනි ක්‍රියාවක් අනුගමනය කරන ලෙසයි යුරෝපා පාර්ලිමේන්තුව යුරෝපා සංගම් සාමාජික රටවලින් ද ඉල්ලා ඇත්තේ.