බිත්තර මිල තිරණය කිරීම සම්බන්ධයෙන් තොග වෙළදුන් විසින් ගන්නා තීන්දු තීරණවල ගැටළු පවතින බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ ඉල්ලුම හා සැපයුමට අනුව බිත්තර මිල තීරණය වන්නේ දැයි සොයා බැලීමට මිල නියාමන කමිටුවක් පත් කළයුතු බවයි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ නලින් ප්‍රනාන්දු දැනුවත් කර ඇති බවද “චැට් ඉන් නිවුස් රූම්” විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියා.
බිත්තර සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වසර දෙකක පමණ කාලයක සිට අවධානය යොමු කළත් ඊට මෙතෙක් විසදුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද ඔහු කියාසිටියා.