Sunday, September 8, 2024

General line - 0115112241

ජපාන මුදල් ඇමති ලබන මස දිවයිනට




නිල සංචාරයක් සඳහා ජපාන මුදල් අමාත්‍ය ෂුනුචි සුසුකි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජනවාරි 10 සහ 11 යන දෙදින තුළ ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපාන මුදල් අමාත්‍යවරයා සිය නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.