Sunday, September 8, 2024

General line - 0115112241

කෘෂි රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් 211 ක් අද ඊශ්‍රායලයට




ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා තවත් ශ්‍රී ලාංකිකයින් 211 දෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යනවා.

මෙම වසර තුළ එකවර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන වැඩිම පිරිස මෙය වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

එම පිරිස දැනුවත් කිරිම සඳහා විශේෂ වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද පැවැත්වුණු අතර, ඊට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර එම ශ්‍රී ලාංකිකයින්ට සුබපැතුම් එක් කර තිබෙනවා.

මේ වන විට ඊශ්‍රායලයේ කෘෂි රැකියා හිමිවූ සමස්ථ ශ්‍රී ලාංකිකයින් ගණන 361 ක් වෙනවා.