Sunday, December 29, 2024

General line - 0115112241

වැට් නොවැදුණත් සිමෙන්ති මිල ඉහළට




වැට් බදු වැඩිවීමේ සෘජු බලපෑමක් එල්ල නොවූ සිමෙන්ති මිල හදිසියේ ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොල තුළ සිදුකළ සොයාබැලීමකදී නෙත් නිවුස් වෙත දැකගත හැකිවූයේ සිමෙන්ති මිල ගණන් රුපියල් 250 කට ආසන්න අගයකින් වැඩිවී ඇති බවයි.

කිසිදු හේතුවක් නොදක්වා සිමෙන්ති මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් ද පැවසුවේ.

නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ ඩීසල් මිල වැඩිවීම මත ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හමුවේ එලෙස සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා.


2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර සියයට 75 කින් අඩු වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.


පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.