කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණු කෙටි කාලයක් සඳහා ආනයනය කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
පසුගිය සමයේ අවශ්‍ය තොග නොතිබීම හේතුවෙන් ලුණු හිඟය නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර බහාලුම් ගැටළුවට විසඳුමක් ලෙස බ්ලූමැන්ඩල්හි හඳුනාගත් භූමියෙහි බහාලුම් රථ 125කට ආසන්න සංඛ්‍යාවක් රඳවා තැබිය හැකි බව වරාය අධිකාරිය පවසනවා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් සිරිමෙවන් සරචන්ද්‍ර රණසිංහ මහතා.