පළාත් පාලන මැතිවරණයට අදාලව විභාග වන නඩුවල තීන්දුව කථානායකවරයාට ලබාදීමෙන් අනතුරුව තීන්දුවට අනුකූලව එම මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද කැඳවූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා. එහිදී පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා.
පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකල අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අදාල අංශ දැනුවත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.