“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ මෙරට 77 වන නිදහස් දින සැමරුම හෙට පැවැත්වෙනවා.
ඒ, කොළඹ නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්.
ඒ අනුව හෙට දිනයේ එම ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ.
වසාදමා ඇති ප්‍රදේශ මඟහරිමින් කොළඹට ඇතුළු වන වාහන ධාවනය කළ යුතු මාර්ග සම්බන්ධයෙන් ද එහිදී පැහැදිලි කෙරුණා.
රියදුරන්ගෙන් සහ නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඉල්ලීම්ක් කළා.