Sunday, September 8, 2024

General line - 0115112241

ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක්




ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින්. 011- 7 966 366 එහි දුරකතන අංකය වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.

මෙම ක්ෂණික දුරකථන අංකයට සෙනසුරාදා - ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුලුව ඕනෑම දිනකදී පෙරවරු 8.00 සිට රාත්‍රී  8.00 දක්වා ඩෙංගු රෝගය පිලිබදව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැනුම් දීමට ජනතාවට හැකියාව පවතිනවා.

ඩෙංගු මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය ද ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර මෙරට දරුවන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි.

ඒ, දිස්ක්‍රික්ක 9ක සායන 1,600කදී. පළමු අදියර යටතේ සරම්ප රෝගීන් වැඩියෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඇතුළු ඉහළ ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්ක නවයක, වයස මාස 6 සිට 9 අතර කුඩා දරුවන්ට අතිරේක මාත්‍රාවක් ලෙස මෙම එන්නත ලබා දෙනු ලබනවා.

එමෙන්ම වයස මාස 9ත් අවුරුදු 15ත් අතර සරම්ප එන්නත මෙතෙක් ලබා නොගත් ළමුන් සඳහාද අද සිට මෙම එන්නත ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.