Sunday, September 8, 2024

General line - 0115112241

මහබාගේ වෙඩි තැබීමට සම්බන්ධ යුද හමුදා කෝප්‍රල්වරයෙකු STF අත්අඩංගුවට




මහබාගේ ප්‍රදේශයේදී පසුගිය 21 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුද හමුදා බුද්ධි අංශය විසින්.

යුධ හමුදා චෙංකලඩි කදවුරේ  හතර වන ගැමුණු හේවා බල ඇණියේ කෝප්‍රල්වරයෙකු ලෙස සක්‍රීය සේවයේ නිරත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් එම යුද හමුදා කදවුරට ගොස් තිබුණා.

එම අවස්ථාවේ සැකකාර කෝප්‍රල්වරයා කදවුරෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව අම්පාර ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 21 වනදා මහබාගේ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපාරාධකරුවෙකු වන නිපුන නමැත්තාගේ කණ්ඩායමෙන් වෙඩි තබා තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැල්ලේ සාරංගගේ ඥාතියෙකුට බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන යුධ හමුදා ගැමුණු හේවා බලකායෙන් පැනගිය සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.