තායිවාන යාත්‍රාවකට චීන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ තායිවානයට අයත් කින්මෙන් දූපතට ආසන්න මුහුදු සීමාවේදී මෙම සිදුවීම වාර්තා වන බවයි.
එම අවස්ථාවේදී අදාල තායිවාන යාත්‍රාවේ සංචාරකයන් පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඊට ඇතුළු වූ චීන වෙරළාරක්ෂක භට පිරිස යාත්‍රාවේ කාර්‍යය මණ්ඩලය සතු ලියකියවිලි පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව විනාඩි 30ක පමණ කාලයක් යාත්‍රාව තුළ රැඳී සිටි චීන වෙරළාරක්ෂකයින් ඉන් පිටව ගොස් ඇතැයි සඳහන්.
මෙය වාර්තා වන්නේ චිනය හා තායිවානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය උත්සන්න කරන ආසන්නතම සිදුවීම ලෙසයි.