මහබැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කරනවා.
එසේ කැඳවා මතභේදයට ලක්ව ඇති මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
මේ අතර මහබැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන්ද ප්‍රශ්න කළා.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නිසි ක්‍රමවේදයක් හරහා එය සිදුවී ඇති බවයි.
කෙසේවෙතත් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධානවල සාමාජිකයින්ද මහබැංකු නිලධාරීන් වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරාවටම විවේචනාත්මකව අදහස් පළ කළා.
එවැනි පසුබිමක් තුළ අද දිනයේ මහ බැංකුව විසින් වැඩි කරගත් වැටුප සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
වැටුප් වැඩි කර ගැනීම මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළඹ ඇති කර ගත් එකඟතා ගිවිසුමකට අනුකූලව එය සිදු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
අදාළ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිත අවස්ථාවක් ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම් දීමකට අනුව මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද මහබැංකු අධිපතිවරයා විසින් ලිපියක් යොමු කළ බව අදාළ නිවේදනය් වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමටද මහ බැංකුව සූදානමින් සිටින බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.