Sunday, September 8, 2024

General line - 0115112241

දේශපාලන පක්ෂ කිහිපයක්ගේ සැලසුමක් ගැන අනුරගෙන් අනාවරණයක්




ගොඩනැගෙමින් පවතින ජනතා බලවේගය පරාජයට පත් කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ එක් වීමට සූදානම් වන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ජනතාව තුළ වැරදි වැටහීමක් ඇති කිරීමට ඔවුන් එලෙස එක්වනු ඇති බවයි ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


මේ අතර සිය රජයක් යටතේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.