Sunday, September 8, 2024

General line - 0115112241

පොලිස්පති ධූරය දේශබන්දුට




36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් සිය පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේද අනුමැතිය හිමිවී තිබුණා.

එහිදී ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින්  04 දෙනෙක් පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

එලෙස පක්ෂව ඡන්දය ලබා දී ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය නිමල් සිරිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ වෛද්‍ය අනුලා විජේසුන්දරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී තිබෙනවා.

ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ වෛද්‍ය දිනේෂ් අමරරත්න ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බවයි වාර්තා වුණේ.

ඒ අනුව කතානායකවරයාගේ ඡන්දය තීරණාත්මක ඡන්දයක් ලෙස ගෙන තිබෙනවා.

තවත් සාමාජිකයින් දෙදෙනෙක්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමට පැමීණ නැහැ.

ඒ අනුව කතානායකවරයාගේ ඡන්දය තීරණාත්මක ඡන්දය ලෙස ගනු ලැබ තිබෙනවා.