අද සිට මාර්තු මස 12වන දින දක්වා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.
ඒ, ග්‍රහලෝකාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
එම කාලය තුළ ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කාර්යයක් සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
ඒ හේතුවෙන් මහජනතාව යම් අපහසුතාවකට පත් වේ නම් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.